ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

ඉරිදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම දහම් පාසල් පවත්වාගෙන යාමට බාධාවක්ව පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3?_=1

විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ දහම් අධ්‍යාපනයට වැඩි අගයක් එක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

https://www.vnews.lk/storage/2023/12/VIDURA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content