ඉරානයේ හිටපු ජනපති ඊබ්‍රාහිම් ‍රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය පසුගිය මැයි මාසයේදී කඩන් වැටීමට හේතුව ඉරානයේ පුවත් ඒජන්සියක් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි හේතු දෙකක් සඳහන් වන අතර, අයහපත් කාලගුණික තත්ත්වය සහ මගීන්ගේ බර පාලනය කිරීමට හෙලිකොප්ටරයට ඇති නොහැකියාව අනතුරට හේතු වූ එම කරුණු දෙක බවයි එම ඒජන්සිය පවසන්නේ.

එමෙන්ම හෙලිකොප්ටරය අනතුරට පත්වන විට නිර්දේශිත ධාරිතාව ඉක්මවා මගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිට ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් පසුව, ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය මෙම කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර හෙලිකොප්ටරය එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කළ බවට කරන ප්‍රකාශය “මූලික වශයෙන් අසත්‍ය” බවද එම මූලස්ථානය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content