ඉරානයේ ෂිරාස් නැමැති මුස්ලිම් දේවස්ථානයට මාස කිහිපයක් ඇතුලත දෙවැනි මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙහිදී ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම දේවස්ථානයට පැමිණ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රස්තවාදී මෙහෙයුමක් අනුව මෙම ප්‍රහාරය සිදු කර ඇති බවද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content