වෙ‍ළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉරාක ජනරජයේ තානාපති කාර්යාල ප්‍රධානී එච්.ඊ. මොහොමඩ් ඔබයිඩ් ජබුර් සහීර් අල්-මසූදි මහතා ( H.E Mohammed Obaid Jabur Zahir Al- Masoudi ) ඊයේ 29වනදා වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

එහිදී ඉරාක – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ නව 09වන සැසිය මේ වසරේ නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට සාකච්ඡා කරන ලදී.

කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය කරා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය තානාපති කාර්යාල ප්‍රධානියාගේ පැසසුමට ලක් වූ අතර දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වෙනුවෙන් සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද සඳහන් කරන ලදී.

WhatsApp Group

Skip to content