ඉරාකයේ මංගල උත්සවයක් අතරතුර හටගත් ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විවාහා උත්සව පවත්වන ශාලාවක ගින්න හටගෙන ඇති අතර, මෙම අනතුරින් තවත් පුද්ගලයන් 150 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරට පත් වූ පිරිස අතර මනාලයා සහ මනාලිය සිටින බවටද වාර්තා පළ වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනිකෙළි දැල්වීමෙන් පසු මෙම ගින්න හටගෙන ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content