හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් එළඹෙන එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩලය සමග එක්වීමට නියමිතයි.

ඔහු මේ සදහා තෝරාගෙන ඇත්තේ එරට තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම සඳහායි.

ඉයන් බෙල් ඇතුළත් කිරීම මඟින් එංගලන්ත තනතීරු සහ කාලගුණය පිළිබද වාටිනා අවබෝධයක් ලබාගැනීම මේ අනුව සිදුවනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක තරඟයක් වන මෙම සංචාරය සඳහා ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඉයන් බෙල්ගේ පුළුල් අත්දැකීම් මනාව ඉවහල්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර තරග 3 කින් සමන්විත එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින දිවයිනෙන් පිටත්ව ගියා.

WhatsApp Group

Skip to content