පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ බව ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන PTI පක්ෂය සිය X ගිණුමෙන්ද තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ඔහු කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ද ඔහු වනු බවයි විදෙස් මදය වාර්තා කරන්නේ.

වත්මන් කුලපති වන ක්‍රිස් පැටන් එළැඹෙන පෙබරවාරි මාසයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව පසුගියදා නිවේදනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content