හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂය තහනම් කිරීමට පාකිස්තාන රජය සුදානම් වනවා.

පාකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍යවරයා සදහන් කළේ එම පක්ෂය රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරතවන බවයි.

එම පක්ෂය තහනම් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු ගොනුකරන බව ද අමාත්‍යවරයා පවසනවා.

පසුගිය වසරේ පාකිස්තානය තුළ ප්‍රචන්ඩකාරී විරෝධතා පැවැත්වීම හා රජයේ රහසිගත තොරතුරු හෙළි කිරීම ඇතුලු චෝදනා රැසකට අදාළ පක්ෂය වගකිව යුතු බවයි ඔහු අවධාරණය කලේ.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content