ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා අංශයන් වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසි හතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවය, ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ 1/2023 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසිහතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවයේදී, පුහුණු කාලසීමාව තුල සුවිශේෂි දක්‍ෂතා දැක්වූ නිලධාරීන් වෙත කුසලාන හා සම්මාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 1/ 2023 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය සහ සියළුම විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරියාට හිමි සම්මානය ලුතිනන් එන්වීඑස්ඒඑන් බණ්ඩාර විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ඒඩීඑස්ඒ අඹේපිටියගේ විසින් සහ හොඳම ක්‍රීඩා කුසලතාවයට හිමි සම්මානය වැඩ බලන උප ලුතිනන් ආර්එම්ටී සෙව්වන්දි විසින්ද එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමිකරගන්නා ලදි.

WhatsApp Group

Skip to content