පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩක ඉන්සමාම් උල් හක් පත් කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මීට පෙර 2016 වසරේ සිට 2019 වසර දක්වා වන කාල සීමාවේ දී මෙම තනතුරේ කටයුතු කළ අතර එම කාලයේදී පාකිස්තාන කණ්ඩායම 2017 ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමටයි සමත් වුණේ .

ඒ අනුව එළඹෙන ඇෆ්ගනිස්තානය සංචාරයේ සිට ඔහු මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිතව තිබෙන අතර ලෝක කුසලානය සඳහා සංචිතය නම් කිරීමේ වගකීම ද ඔහුට හිමි වෙනවා.

WhatsApp Group

Skip to content