ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයත් සමඟින් ඉන්ධන පිරවුම්හල් මඟින් නව මිල යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (01) අලුයම සිට සිදු කෙරුණා.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ  (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ අතර, ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් ද වේ.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කර ඇති අතර, කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ.

මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඉහළ දමා ඇති අතර, ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 වේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310  තව දුරටත් පවතියි.

ඉන්ධන මිල අඩුවැඩි වීම් සිදු වූවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තොග නොමැති අයුරුද නිරීක්ෂණය විය.

මිල සංශෝධනය සිදු වීමට නියමිත වීම හේතුවෙන් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග ඇනවුම් නොකරන බවට පාරිභෝගිකයින් චෝදනා කරති.

ඒ හේතුවෙන් ඉන්ධන තොග ඇති ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැක ගත හැකි වූ අතර මේ සම්බන්ධයෙන් මහජනතාව මෙසේ කියා සිටියා.

ඉන්ධන මිල පහළ දැමීම හොඳ තීරණයක් බවයි.

ඇතැමුන් කියා සිටියේ අඩු කළාට වැඩක් නෑ, වැඩි කරන කොට 150-200 න් වැඩි කරලා රුපියල් 15 ක් අඩු කරලා වැඩක් නෑ, තෙලුත් නෑ පෝලිම් තියෙනවා.පළවැනිදාට මිල අඩුවෙනවා කිව්වම ෂෙඩ් වලින් තෙල් ගේන්නේ නෑ ඒ නිසා පෝලිම් යැයි පැවසීය.

WhatsApp Group

Skip to content