මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය තව දින 04කින් එනම් මෙම මස 30 වැනිදා රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.

අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුණේ පසුගිය මැයි 31 වැනිදායි.

එම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වූ අතර දෙකක මිල ගණන් නොවෙනස්ව පැවතුණා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි මිල රුපියල් 355ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පැවතුණ අතර එහි මිල රුපියල් 420ක් ලෙස වාර්තා වුණා.

WhatsApp Group

Skip to content