ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඒ මහතා මේබව කියා සිටියා අද(01) දහවල් මාධ්‍ය  හමුවක් අමතමිනි.

එහිදී අදහස් දක්වමින් විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල සංශෝධනයට රජය කටයුතු කළද බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොකරන බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවර ඉන්ධන මිල ඉහළ දමා ඇති ප්‍රතිශතය මත බස් ගාස්තු ඉහළ දැමීමේ නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.

අද සිට ක්‍රියාත්මක කෙරෙන ඉන්ධන සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින්ද ඉහළ දැමුණා.

WhatsApp Group

Skip to content