ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබෙනවා .

එහි දැක්වෙන්නේ මේ වන විට සංස්ථාව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වලින් ඉහලම ලාභයක් ලබන බවයි .

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ලීටරයකින් උපයන ලබන ලාභය රුපියල් 109 යි සත 44 ක් ලෙස සටහන් වනවා .

එයට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.යි සත 21ක ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3 යි ශත 25ක ලාභයක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි වන බව සදහන් .

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 21 යි සත 49ක පාඩුවක් ද සිදු වන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා .

WhatsApp Group

Skip to content