ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අජංන ප්‍රියන්ජිත් මහතා සදහන් කළේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/ANJANA-PRIYANJITH-EDIT.mp3?_=1

මේ අතර ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථාන පැවසුවේ සියයට 5 කින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/11/BUS-EDIT-.mp3?_=2

මේ අතර ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් තවත් පීඩාවට පත් වන බවයි.

https://www.vnews.lk/storage/2023/11/JANATHA-EDIT.mp3?_=3

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356 ක් දක්වා රුපියල් 9 කින් පහත දමා තිබෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා රුපියල් 5 කින් ඉහළ දමා තිබෙනවා.

සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10 කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 431 ක්.

මීට අමතරව රුපියල් 242 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 249 ක් දක්වා රුපියල් 7 කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවයි.

එමෙන්ම සයිනොපෙක් සමාගම ද ඔක්ටේන් 92 පෙට්්‍රල් ලීටරයකට මිල රුපියල් 2 කින් පහත දමා තිබෙනවා.

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content