අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366 ක්.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 464ක් ලෙසයි.

ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක්.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.

ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 236ක්.

මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 346ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන එහි නව මිල රුපියල් 464ක්.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නම මිල රුපියල් 358ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 475ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලීටරයක මිල රුපියල් 41කින් ඉහළ දැමීමත් සමගින්.

මෙතෙක් රුපියල් 247ක්ව පැවැති භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ යාමත් සමගින් රුපියල් 236ක් ලෙසින් නව මිල සටහන් වනවා.

WhatsApp Group

Skip to content