ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. සිපෙට්කෝ සමාගම කියා සටියේ අදාළ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා.

මෙතෙක් ලීටරයක් රපියල් 365ක්ව පැවැති ඔක්ටේන් 92 ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 356ක්.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 423ක්.

මෙතෙක් රුපියල් 351ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමත් සමගින් එම ලීටරයක මිල රුපියල් 431ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

භූමිතෙල් මිලද රුපියල් 7කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 242ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 249ක්.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිපෙට්කෝ සමාගමට සමගාමීව ඉන්ධන මිල ඉහළ දමා ඇති බව නිවේදනය කරනවා.

WhatsApp Group

Skip to content