මැදවච්චිය දුම්රිය ස්ථානයේ පිහිටි ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් හය ලක්ෂ 11,550ක් වටිනා ඩීසල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඩීසල් ලීටර 1,500ක් පමණ ඉන් සොරාගෙන ඇති බවටයි වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ .

පසුගිය 12 වනදාත් 16 වනදාත් අතර මෙම සොරකම සිදුව ඇති බවත් පැය 24 පුරා ආරක්ෂාව ලබා දී තිබියදීත් මෙලෙස ඉන්ධන සොරකම් කිරීම ගැටලුසහගත බවද එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content