ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩි වනු ඇති බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඉන්ධන ප්‍රමාණය ලබා දීම ඉක්මවා ගිය විට ඇති වන මාර්ග තදබදය හේතුවෙන් රටට තවත් බිලියන 2 කට අධික මුදලක් අහිමි වන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/04/GAMUNU-WIJERATHNA-EDIT-.mp3?_=1

මේ අතර ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවයි.

 

https://www.vnews.lk/storage/2023/04/LALITH-DHARMASEEKARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content