ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවැතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉන්ධන අලෙවිය අඩුවීමත්, විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9 හෝ 10 වන විට වසා දමන  තත්ත්වයක් පවතින බවයි.

වෙනත් වර්ෂයන්හි උත්සව සමයේදී ඉන්ධන පිරවුම්හල් අලුයම 1 හෝ 2 දක්වා විවෘතව තබාගෙන සිටියත් පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ එලෙස කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ සේවක වැටුප්, අතිකාල ගෙවීම් වැනි දෑ සඳහා වැඩිපුර ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉන්ධනහල් හිමියන් එලෙස සිදු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල අලෙවි පහතට වැටීමට චීන සයිනොපෙක් පිරවුම්හල්වලින් අඩු මිලට ඉන්ධන නිකුත් කිරීමද බලපා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content