සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක ඉන්දීය කණ්ඩායම් අතර තුන්වන එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30 ට ආරම්භ වනු ඇති.

මේ වන විට තරගාවලිය 01 ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා .

තරගාවලියේ පළමු තරගය සම තත්වයෙන් අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා .

තරගාවලිය ජය ගැනීමට හෝ සම තත්වයෙන් අවසන් කිරීම සදහා කණ්ඩායම් දෙකටම අද පැවැත්වෙන තරගය තීරණාත්මක වනවා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් වසර 27 කට පසු දෙරට අතර එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාව ජය ගන්නා පළමු අවස්තාව වනු ඇති.

WhatsApp Group

Skip to content