ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත වනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40 කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත වනවා.

ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව සදහන්.

එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලුම මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60 ක ගමන් මලු රැගෙන යාමටද අවස්ථාව හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content