2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහ පාකිස්ථානය අතර තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පස්වරු 02කට තරගය ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය නැරඹීමට විශාල ක්‍රිඩා ලෝලින් පිරිසක් මේ වන විටත් අහමදාබාද් ක්‍රිඩාංගනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දිය කණ්ඩායම රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද පාකිස්ථානය බාබර් අසාම්ගේ නායකත්වයෙන් ද අද තරගයට එක්වනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ක්‍රිඩා කර ඇති අතර එම තරග දෙකම ජයගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දිය කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

මේ අතර අද පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගය වෙනුවෙන් ගුජරාට් පොලිසිය විසින් අහමදාබාද්හි ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ, අනුව අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 20,000 ක් පමණ එම රාජකාරියට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.අද අලුයම සිට ක්‍රීඩාංගනයට පිවිසෙන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙන බව සදහන්.

වලංගු ප්‍රවේශපත්‍ර, අවසර පත්‍ර සහිත නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයින්ට පමණක් එම පොලිස් මාර්ග බාධකවලින් ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content