ආසියානු කුසලනයේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අත්හැර දැමුණා.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණා
ඉන්දීය මුල් පෙල පිතිකරුවන් සිවේදෙනෙකු ලකුණු 66ක් තුළ දවා ගන්නට පාකිස්ථාන පන්දු යවන්නන්ට හැකිවුණා.
ඒ අනුව ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 266ක්
ඉෂන් කිෂන් පන්දු 81කදී ලකුණු 82ක් රැස් කළා. හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් ලබා ගත්තා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් දවාගත් අතර නෂීම් ෂා සහ හැරිස් රවුෆ් කඩුලු 3 බැගින් බිදහෙළුවා.
කෙසේවෙතත්  වර්ෂාව හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසීමට අවස්ථාව නොලැබුණු අතර තරගය අතහැර දැමීමට තරග විනිසුරුවන් තීරණය කළා.

 

WhatsApp Group

Skip to content