ඉන්දිය නාවික හමුදාව සහ ප්‍රංශ නාවික හමුදාව එක්ව නාවික සහයෝගිතා අභ්‍යාසයක නිරත වී තිබෙනවා.
ඒ, බෙංගාල බොක්ක මුහුදු සීමාවේදීයි.

මෙම නාවික අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් රනා සහ සුමේධා යන නෞකා සහ ප්‍රංශ නාවික හමුදාවේ සර්කුෆ් නෞකාව එක්ව තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාව සහ ප්‍රංශ නාවික හමුදාව අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම නාවික අභ්‍යාසයේ අරමුණයි.

එමගින් දෙපාර්ශවය අතර අන්තර් ක්‍රියාකාරීත්වය සහ ශක්තිමත් බැඳීම් සංකේතවත් කරන බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content