ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී අතර හමුවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැති ආසියානු සමුළුවට සමගාමීවයි.
අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර දේශසීමා අර්බුදයක් පවතින පසුබිමක් තුළ මෙම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් වෙත පවසා ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර විය යුතු බවයි.
සැකයට වඩා අන්‍යොන්‍ය සහයෝගය වඩා වැදගත් බවයි ඔහු පවසා ඇත්තේ.
දෙපාර්ශ්වයම එකිනෙකා වෙහෙසට පත් කිරීමට හෝ එකිනෙකා සැක කිරීමට වඩා එකිනෙකාට සහයෝගය දී එකට කටයුතු කිරීම මේ මොහොතේ වැදගත් බව ද චීන නියෝජතයා එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

WhatsApp Group

Skip to content