ඉන්දුනීසියානු තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතර හමුවක් ඊයේ (25) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී සිදුවිය.

හමුදා පුහුණුව, උපායමාර්ගික හවුල්කාරිත්වය සහ ආරක්‍ෂක කටයුතු ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී තිබේ.

WhatsApp Group

Skip to content