සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි.

සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ජයග්‍රාහී ලකුණු 365ක ඉලක්කයක් හඹා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම සිය දෙවන ඉනිමට පන්දුවාර 32ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 438ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම කොදෙව් කණ්ඩයම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 255ක් රැස් කළා.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 181ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් තවත් ලකුණු 289ක් රැස් කර ගත යුතු වෙනවා.

WhatsApp Group

Skip to content