ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයාබැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ජයශංකර් මහතා සහ ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

WhatsApp Group

Skip to content