ජාත්‍ය­න්තර තාරකා විද්‍යා ආය­ත­නය විසින් ඉන්දීය විද්‍යා­ඥ­ය­කුගේ නමින් ග්‍රහ­ක­යක් නම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

තාරකා විද්‍යාව සහ අභ්‍ය­ව­කාශ මෙහෙ­යුම්  පිළි­බඳ ගෝලීය වශ­යෙන් විශිෂ්ට සේවා­වක් ඉටු කර ඇති මහා­චාර්ය ජයන්ත් මූර්ති එම ගෞර­ව­යට පාත්‍ර වූ ඉන්දීය විද්‍යා­ඥයා බව එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ.

ප්‍රංශය කේන්ද්‍ර කර­ගත්  ජාත්‍ය­න්තර තාරකා විද්‍යා ආය­ත­නය සෞරග්‍රහ මණ්ඩ­ලයේ කුඩා වස්තූන් නම් කිරීමේ කාර්ය භාරය සිදු කරනු ලබයි.

පසු­ගි­යදා  නම් කළ ජයන්ත් මූර්ති ග්‍රාහකය 2005දී අමෙ­රි­කාවේ ඇරි­සෝනාහි කිට් පීක් ජාතික නිරී­ක්ෂ­ණා­ගා­ර­යේදී සොයාගනු ලැබූවකි.

WhatsApp Group

Skip to content