මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා .

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආරාධනයකට අනුවයි.

එමෙන්ම ඇය අද උදෑසන ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලටද ගොස් තිබෙනවා.

මෙම සංචාරයේදී ඇය ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛාවක්ද විවෘත කරනු ලැබුවා.

මේ අතර ඇය ඊයේ දින ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගෙන ඇති අතර එහිදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක තිබෙනවා.

WhatsApp Group

Skip to content