ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඡන්ද ගණන් කිරීම අද පෙරවරු 08.30ට ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදියර 7 ක් යටතේ, දින 44 ක් පුරා මහ මැතිවරණයේ ඡන්ද විමසීම සිදු කරනු ලැබුවා.

මෙහිදී ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇති බවට මත පලව තිබෙනවා.

WhatsApp Group

Skip to content