ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඓතිහාසික ජයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෝක් සභාවේ ආසන 292ක් හිමි කර ගැනීමට සමත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මැතිවරණයේදී විපක්ෂය නියෝජනය කළ කොංග්‍රසය ප්‍රමුඛ අයි.එන්.ඩී.අයි.ඒ සන්ධානයට ආසන 232ක් හිමිව තිබෙනවා.
ඒ අනුව අඛන්ඩය තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමටයි නරේන්ද්‍ර මෝදී සමත් වුණේ.

මේ අතර අග්‍රාමාත්‍ය මෝදීගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content