ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන හා වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබියදී ලැප්ටොප් පරිගණකය සොයාගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 63 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුවන් පසුගිය 14 වැනිදා රාත්‍රියේ තුංමුල්ලේ පිහිටි වීසා මධ්‍යස්ථානයට ඇතුළු වී මෙම උපරන සොරාගෙන තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content