මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ඇති වූ බියක් හේතුවෙන් ගුවන් යානයක් ප්‍රංශයට ගොඩබස්වා තිබෙනවා. ඉන්දීය මගීන් 303 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙසේ ගොඩ බස්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .

ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපළක එය නවතා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එයාර්බස් ඒ 340 යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාවේ අගනුවර වන මනගුවා වෙත පියාසර කරමින් තිබුණා. නිර්නාමික ඔත්තුවක් ලැබීමෙන් පසුවයි එම යානය ගොඩ බස්වා ඇත්තේ.

පොලිසිය විසින් ගුවන් තොටුපළ ද මුද්‍රා තබා ඇති අතර එය තුළ පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටිනවා.

එමෙන්ම මේ වනවිටත් ඉන්දීය බලධාරීන් වට්රි ගුවන් තොටුපල වෙත ගොස් ඇති අතර, මගීන්ගෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී සංක්‍රමණිකයින් බවට සැක කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content