ඉන්දියාවේ බිත්තර ආනයන කටයුතු සීමා කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන්.

මේ වන විට බිත්තර මිලියන 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිර වලිසුන්දර මහතා සදහන් කළේ.

දෛනිකව බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළදසැල් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා අතර ආනයනික ඉන්දියානු බිත්තරයක් රුපියල් 43 කට අලෙවි කරනු ලබනවා.

WhatsApp Group

Skip to content