නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට අහිමි වී තිබෙනවා.

මැණික් කටුවක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට එලෙස 20යි 20 තරගාවලිය අහිමි වී ඇත්තේ.

ආබාධය පිළිබද පරීක්ෂණ කටයුතු සදහා හා ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතු වෙනුවෙන් ඔහුව බැංගලූර් හි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ගයික්වඩ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද රංචි හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content