ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 2000 ක මුදලක් මෙරටට අහිමි වන බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රියාවලිය නතර කිරීමට කඩිනම් පියවර ගැනීමට අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content