මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් නාවික හමුදා නිළධාරීන් විසින් කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ ධීවරයින් ඉදිරි අධිකරණ කටයුතු වෙනුවෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2024 වසර තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රා 45 ක් සමඟ ධීවරයින් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කලේ.

WhatsApp Group

Skip to content