යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකු අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ සෙබලා නවික යත්‍රාව සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අතරට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

ඩෙල්ෆ් මුහුදු සීමාවේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු උතුරු නවික විධානයට අයත් යත්‍රාවකට අනවසර ඉන්දීය ධීවර ට්‍රොලර් යත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල යත්‍රාව ඇති ස්ථනයට ගොස් පරික්ෂා කිරීමේදී එහි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සිට ඇති බව සඳහන්.

අදාල ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගැනීමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ නාවික සෙබලා කංකසන්තුරෙයි ධීවර ජැටියට රැගෙනවිත් රෝහල් ගත කර තිබෙනවා. කෙසේවෙතත් අද උදැසන ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content