නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ඛණිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යංශයේ ලෙකම් පන්කජ් ජේන් මහතා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

දෙරට අතර බලශක්ති අංශයේ සහයෝගිතාව වර්ධනය කර ගැනී කෙරෙහි මෙහිදී සාකච්ඡා කළ බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.

ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

සුර්ය බලයෙන් ආහාර පිසිමේ ගෘහස්ත පද්ධති 500ක් මෙහිදී ඉන්දීය තෙල් සමාගම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ ත්‍රිකුණාමලය තිරැකෝනේෂ්වරැම් කෝවිලේ පැවති ආශිර්වාද පුජාවකට එක්වුණා.

WhatsApp Group

Skip to content