එළඹෙන ජූනි මාසය අවසානයේදී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, එම තරගාවලිය පැවැත්වෙන්නේ කුමන කණ්ඩායමක් සමග දැයි මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැහැ .

අදාළ තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන කිහිපයක් සමගම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා පවත්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .

ඒ අනුව මෙම තරගාවලිය බොහෝ දුරට ශ්‍රී ලංකාව සමග හෝ ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

WhatsApp Group

Skip to content