ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම හමුවේ තියුණු තරගයකින් පසු ලකුණු 41ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටයි සමත් වුණේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213ක්.

මෙහිදී නායක රෝහිට් ශර්මා ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ට කඩුළු 5ක් බිඳ හෙළු අතර, මෙය වාර්තා අතරට එක් වූයේ කඩුළු 5ක් දවා ගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට දුනිත් වෙල්ලාලගේ පත්වෙමින්.

මීට අමතරව චරිත් අසලංක ද ලකුණු 18ට කඩුළු 4ක් බිඳ හෙළනු ලැබුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ මෙහිදී නොදැවී ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 43ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

මෙම තරගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content