බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 200ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් ලකුණු 351ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි.

WhatsApp Group

Skip to content