ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජය කින් තොරව නිමාවට පත් වුණා .

කෙසේ වෙතත් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වුනේ ඉන්දියාවයි .

තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියා .

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ටේලියානු කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි .
ඒ අනුව ඔවුන් පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 480 ක් රැස් කළා .

එයට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු සංඛාව 571 ක් .

WhatsApp Group

Skip to content