බෲනායි සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරුව වෙත පැමිණ තිබෙනවා.

එහිදි නරේන්ද්‍ර මෝදි මහතාට සිංගප්පූරු පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ද අවස්ථාව උදා වී තිබෙනවා.

මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සිංගප්පූරු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව වනවා.

අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝ පිරිසක් ද මෙම සිංගප්පූරු සංචාරයට එක් වුණා.

ඉන්දියාව සහ සිංගප්පූරුව අතර පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීම මෝදිගේ මෙම සංචාරයේ අරමුණ වනවා.

WhatsApp Group

Skip to content