මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දිය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු ධීවර යාත්‍රා 05ක් සමග සිය භාරයට ගත් බවයි.

මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ඉන්දිය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව තිබෙනවා.

WhatsApp Group

Skip to content