ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයෙන් කඩුලු 06ක ජයක් ලබන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 181ක් පමණයි.

ඉශාන් ක්‍රිෂාන් ලකුණු 55ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 36 පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 182ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

නායක ෂායි හොප්ස් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 1 – 1ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා.

 

WhatsApp Group

Skip to content