ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කරනු ලැබුවා.
එම තහනම ලබන 31 වන දිනෙන් අවසන් වීමටයි නියමිතව තිබුනේ.

ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content