සිය අස්වැන්න සදහා සහතික මිලක් ඉල්ලා ඉන්දියාවේ ගොවීන් නැවත වරක් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ විරෝධතා අතුරතුරදී තරුණයෙකු මියයාමත් සමග සිය වර්ජනය අත්හිටුවීමටයි ඉන්දීය ගොවීන් තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් සිය ගැටලු සදහා තවමත් ඉන්දීය රජය විසදුම් ලබානොදීම හමුවේ නැවත වරක් නවදිල්ලි අගනුවරට විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට ඉන්දීය ගොවි ජනතාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට දිල්ලි දේශසීමා අසල දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

පසුගිය පෙබරවාරි මස මුලදී ගොවීන් සිය විරෝධතා පාගමන ආරම්භ කළ අතර ඒ සදහා පංජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් ගොවි ජනතාවට මීට එක්ව සිටියා.

WhatsApp Group

Skip to content